ලේකම් කමිටු රැස්වීම - 2026/10/07

උතුරු මැද පළාත් සභාවේ ලේකම් කමිටුවේ නියමිත රැස්වීම 2026 ඔක්තෝබර් 07 දින අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පළාත් සභාව යටතේ පවතින සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී - 2026.10.05

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.02.18 දිනැතිව නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුව, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ 2025.04.21 දින අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීමට කටයුතු කරන ලදී. තවදුරටත් කියවන්න

වයස 45 ට වැඩි ස්ථිර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සම්මුඛ පරීක්ෂණ උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි

වයස අවුරුදු 45 ඉක්මවීමෙන් පසු ස්ථිර පත්වීම් ලද නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 33 දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් 2026.10.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක - 2026.10.02

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා තරඝාවලියේදී 03 වන ස්ථානය දිනා ගනී

2025/2026 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්‍ය අංශයේ විශිෂ්ටතා ඇගයීම් යටතේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දිවයිනේ 03 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත. රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය සම්පත් කළමනාකරණය, නව්‍යකරණය සහ මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් මෙම ඇගයීම හිමිව තිබේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී රාජ්‍ය ආයතන රැසක් අතරින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගෙන ඇත. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී 2026 දහම් පාසල් සිසු නිපුණතා ජයග්‍රාහක / ජයග්‍රාහිකාවන් ඇගයීම, සහතිකපත්, ත්‍යාග, පදක්කම් සහ කුසලාන ලබා දීම

2026 වර්ෂය සඳහා වන දහම් පාසල් සිසු නිපුණතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීමේ උත්සවය උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පවත්වන ලදී. පළාත පුරා සිටින දහම් පාසල් සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා, ජයග්‍රහණ සහ කුසලතා ඇගයීම හා අගය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙම උත්සවය සඳහා ගෞරවනීය මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික නායකයන් වහන්සේලා වැඩම කර සිටි අතර, උන්වහන්සේලාගේ ආශීර්වාදය උත්සවයට මහත් ආලෝකයක් විය. තවදුරටත් කියවන්න
si_LKSinhala