උතුරු මැද පළාත් ‘දිරිය ණය’ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාව 2026.11.18
උතුරු මැද පළාත් ආර්ථික සංවර්ධන වැඩසටහන යටතේ, සමූපකාර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘දිරිය ණය’ යෝජනා ක්‍රමය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අද (2026.11.18) පෙරවරු 09.00 ට පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාදීමේ ක්‍රමවේදය සහ ඒ සඳහා සුදුසු ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි. ඒ අනුව, අදාළ බැංකු ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා පවත්වා මෙම ණය වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නැංවීමට මෙහිදී තීරණය විය.
ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති, මධ්‍යම රජයේ කර්මාන්ත සංවර්ධන අධ්යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකරු, පසු අස්වනු තාක්ෂණ ආයතනයේ කළමනාකරු සහ සමූපකාර අමාත්‍යාංශයේ ගණකාධිකාරී ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.





