උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක වැඩසටහනක් 2026 ඔක්තෝබර් 14 වන දින ක්‍රියාත්මක කරන ලදී. තවදුරටත් කියවන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාකච්ඡාව - 2026.10.08

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හ මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය 2026.10.08 වෙනි දින පෙ.ව. 11.00 ට ප්‍රධාන ලේකම් කාර්යාලයේ දි රැස්විය. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී -2026.10.07

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය එක් වී ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමේ කිරිමේ වැඩසටහනක් 2026.10.07 වන දින ප.ව 2.00 ට පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් විය. මේ සදහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරින් සහභාගි වුහ. තවදුරටත් කියවන්න

ලේකම් කමිටු රැස්වීම - 2026/10/07

උතුරු මැද පළාත් සභාවේ ලේකම් කමිටුවේ නියමිත රැස්වීම 2026 ඔක්තෝබර් 07 දින අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පළාත් සභාව යටතේ පවතින සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී - 2026.10.05

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.02.18 දිනැතිව නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුව, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ 2025.04.21 දින අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීමට කටයුතු කරන ලදී. තවදුරටත් කියවන්න

වයස 45 ට වැඩි ස්ථිර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සම්මුඛ පරීක්ෂණ උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි

වයස අවුරුදු 45 ඉක්මවීමෙන් පසු ස්ථිර පත්වීම් ලද නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 33 දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් 2026.10.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. තවදුරටත් කියවන්න
si_LKSinhala