ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට තෙවන ස්ථානය ලබා ගැනීම වෙනුවෙන් කාර්ය මණ්ඩලය වෙත ස්තූතිය ඵල කිරීමේ අවස්ථාව - 09.11.2026

2025/2026 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්‍ය අංශයේ විශිෂ්ටතා ඇගයීම් යටතේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දිවයිනේ 03 වන ස්ථානය දිනා ගැනීමට සමත්වූ අතර මෙම සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (08.11.2026) පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

එහිදී උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් අදාළ සම්මානය සහ සහතිකය ලබාගත් අතර, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය සම්පත් කළමනාකරණය, නව්‍යකරණය සහ මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් අද දින ප්‍රධාන ලේකම්තුමා විසින් කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් කැඳවා විශේෂ හමුවක් පවත්වන ලදී. එහිදී මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සමස්ත කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම සහ සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ විශේෂ ස්තූතිය පුද කරන ලදී.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් පවත්වනු ලබන පළාතේ හොඳම රාජ්‍ය ආයතනය තේරීමේ තරඟය සඳහා සාර්ථකව මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමටත් ඉදිරි වසරේ පැවැත්වෙන ඵලදායිතා තරඟාවලියේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීම අරමුණු කරගනිමින් කැපවීමෙන් කටයුතු කරන ලෙස කාර්ය මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

Comments are disabled.

si_LKSinhala