ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට තෙවන ස්ථානය! – 2026.11.08

2025/2026 ජාතික ඵලදායිතා සම්මාන තරඟයේ රාජ්‍ය අංශයේ කාණ්ඩය යටතේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය 3 වන ස්ථානය දිනාගනිමින් ජාතික මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. මෙම සම්මාන ප්‍රදානෝත්සවය 08.11.2026 දින උදෑසන කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. මෙහිදී උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් විසින් අදාළ සම්මානය සහ සහතිකය ලබා ගන්නා ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය යනු උතුරු මැද පළාත් සභාව, ප්‍රධාන ලේකම් කාර්යාලය සහ එහි නිලධාරීන් විසින් පෙන්නුම් කරන ලද විශිෂ්ට නායකත්වය, ඒකාබද්ධ උත්සාහය, කැපවීම සහ ජනතාවට ලබාදුන් විශිෂ්ට සේවාව වෙනුවෙන් හිමි වූ ජාතික පිළිගැනීමකි.

Comments are disabled.

si_LKSinhala