මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සම්බන්ධ කාර්තු වාර්තා රැස්වීම - 2026 3 වන කාර්තුව - 2026.11.06

උතුරු මැද පළාතේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල පැවැත්වෙන විධිමත් විනය පරීක්ෂණ හා මූලික විමර්ශන සමබන්ධයෙන් 2026 වර්ෂයේ 3 වන කාර්තුවට අදාලව පැවැත්වෙන සාකච්ඡාව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජී.කේ.එස්.චන්ද්‍රලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී අද දින පවත්වන ලදී.

එහිදිී විධිමත් විනය පරීක්ෂණ හා මූලික විමර්ශන මාස 03 කට වඩා ප්‍රමාද වන ආයතනවල පරිපාලන නිළධාරී/ප්‍රධාන කළමනාකරණ සේවා නිළධාරී හා විෂය භාර නිළධාරි සහභාගී කර ගනිමින් මෙසේ විමර්ශන ප්‍රමාද වීමට හේතු හා ඉදිරි විමර්ශන කටයුතු වලදී සිදුවන ප්‍රමාදයන් වැලැක්වීම පිළිබඳ උපදෙස් ලබා දීම නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජී.කේ.එස්.චන්ද්‍රලතා මහත්මිය හා පරිපාලන නිළධාරී ජී.ඩී.ආර්.ලක්ෂ්මන් මහතා විසින් සිදු කරන ලද අතර අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු 10 ක නිළධාරීන් සාකච්ඡාව සඳහා සහභාගී විය.

Comments are disabled.

si_LKSinhala