2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ ඩිජිටල් සේවාව ආරම්භ විය - 2026.10.21

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ 2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ මාර්ගගත (Online) ක්‍රමවේදය අද දින (2026.10.21) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ගරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), සහකාර ලේකම් (මුදල්) ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද උතුරු මැද පළාත් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් පුදුදු කන්ස්ට්‍රක්ෂන්ස් අධිපතිතුමා හා ක්‍රිෂ්ටන් පාර්ක් ආයතනයේ කලමනාකාරතුමා ද සහභාගි විය.

මෙම නව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි වීම තුළින් සේවාදායකයන්ට ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත පැමිණීමකින් තොරව,තමන් සිටින ස්ථානයේ සිටම ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලැබෙයි. එමෙන්ම, ලේඛන කටයුතු සඳහා ගතවන කාලය හා පිරිවැය අවම කරගනිමින්, වඩාත් විනිවිදභාවයකින් යුතු ඩිජිටල් සේවාවක් ලබා ගැනීමට ද මේ හරහා මගපෑදේ.

Comments are disabled.

si_LKSinhala