උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී -2026.10.07
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය එක් වී ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමේ කිරිමේ වැඩසටහනක් 2026.10.07 වන දින ප.ව 2.00 ට පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් විය. මේ සදහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරින් සහභාගි වුහ.
මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේ අරමුණ වන්නේ අභ්‍යන්තර කටයුතු ඒකකය සැදුම්ලත් ව්‍යුහය හා මෙම ඒකකය සදහා බලය ලබාදී ඇති ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව හා පනත් සම්බන්ධයෙන් කාර්යය මණ්ඩලයේ නිලධාරින් දැනුවත් කිරිම තුළින් ධනාත්මක ආකල්ප වර්ධනය, සුපිළිපන්න බව ඇති කිරිම තුළින් තමන්ට, තමාගේ පවුල් පරිසරයට, හා සමාජයට සිදු වන්නා වු හිතකර බලපෑම් ඇති වන ආකාරය සම්බන්ධයෙනි. ඊට අමතරව අවසාන වශයෙන් මෙම ඒකකය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වන ආකරය ද, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් හදුන්වා දි ඇති දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ද පැහැදිලි කිරිමක් සිදු කරන ලදි.






