අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාකච්ඡාව - 2026.10.08

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය 2026.10.08 වෙනි දින පෙ.ව. 11.00 ට ප්‍රධාන ලේකම් කාර්යාලයේ දි රැස්විය. එම රැස්විමේදී‍ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ එක් එක් නිලධාරියා ස්වයං ඇගයීමට ලක් කිරිමට අදාලව සකස් කරන ලද ස්වයං ඇගයුම් පෝරම සම්බන්ධව සාකච්ඡාවට ලක් කෙරිණි. එමගින් තමාටම තමාගේ සුපිලිපන්නභාවය සම්බන්ධයෙන් තිරණයක් ගෙන වැරදි, නිවැරදි කර ගැනිමට මෙය අවස්ථාවක් වන බැවින්, මෙම කාර්යය කඩිනම් කිරිමට අභ්‍යන්තර කටයුතු ඒකකයේ සියළු නිලධාරින් එකඟ විය. ඊට අමතරව e පුවත් පතක් සකස් කර කාර්යය මණ්ඩලයට මෙන්ම පළාතේ සියළු රාජ්‍ය නිලධාරින් සදහා ද අදහස් එළි දැක්විමට හැකි වන පරිදි කඩිනමින් මෙම කාර්යය සිදු කරන මෙන් ප්‍රධාන ලේකම්තුමා සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි සියළු සමාජිකයින් දැනුවත් කරන ලදි.

Comments are disabled.

si_LKSinhala