උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකව පැවැත්වෙයි - 2026.10.21

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2026 ඔක්තෝබර් මස 21 වන දින පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ආර්.එම්.පී.ඩී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඒකකයේ සාමාජිකයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය. තවදුරටත් කියවන්න

2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ ඩිජිටල් සේවාව ආරම්භ විය - 2026.10.21

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ 2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ මාර්ගගත (Online) ක්‍රමවේදය අද දින (2026.10.21) නිල වශයෙන් ආරම්භ කෙරිණි. තවදුරටත් කියවන්න

ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ප්‍රධාන ලේකම් කාර්යාලය අතර විශේෂ සාකච්ඡාවක් - 2026.10.14

ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගීතාව සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරීතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2026 ඔක්තෝබර් 14 වන දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක වැඩසටහනක් 2026 ඔක්තෝබර් 14 වන දින ක්‍රියාත්මක කරන ලදී. තවදුරටත් කියවන්න

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාකච්ඡාව - 2026.10.08

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හ මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය 2026.10.08 වෙනි දින පෙ.ව. 11.00 ට ප්‍රධාන ලේකම් කාර්යාලයේ දි රැස්විය. තවදුරටත් කියවන්න

උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී -2026.10.07

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය එක් වී ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමේ කිරිමේ වැඩසටහනක් 2026.10.07 වන දින ප.ව 2.00 ට පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් විය. මේ සදහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරින් සහභාගි වුහ. තවදුරටත් කියවන්න
si_LKSinhala