උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල රැස්වීම පැවැත්විණි -2026.11.03
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල රැස්වීම 2026 නොවැම්බර් මස 03 දින ප.ව.2.30 ට අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ප්‍රධාන ලේකම් කාර්යාලය යටතේ පවතින ආයතන අංශය, ගිණුම් අංශය, තොරතුරු තාක්ෂණ අංශය සහ නීති ඒකකයේ සියලුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන ලේකම්තුමා විසින් 2025/2026වර්ෂයේ පැවති ළුලදායීතා තරඟයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලය තෙවැනි ස්ථානය ලබාගැනීම වෙනුවෙන් 2026.11.08 දින බණ්ඩාරණානයක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ජාතික ඵලදායීතා සම්මාන ප්‍රධාන උත්සවය සම්බන්ධයෙන් නිලධාරින් දැනුවත් කරන ලදී.
ප්‍රධාන ලේකම්තුමා විසින් කාර්යාලයීය කටයුතු පවත්වාගෙන යාමේදී නිලධාරින් හට පැන නැගී ඇති ගැටලු, නිලධාරින්ගේ අදහස් හා යෝජනා පිළිබඳ විමසීමක් කල අතර, කාර්යමණ්ඩලයේ සියලුදෙනාම සිය රාජකාරි ඉටු කිරිමේදී විනිවිදභාවයෙන් යුක්තව කටයුතු කිරිමේ වැදගත්කම පෙන්වාදෙන ලදි. රැස්වීම අවසානයේදී අදහස් දැක්වූ උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතා, ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක රාජ්‍ය සේවාවක් ලබාදීම සඳහා කාර්යමණ්ඩලයේ සියලුමදෙනා අතර අඛණ්ඩ සහයෝගීතාව සහ සම්බන්ධීකරණය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.





