උතුරු මැද පළාත් කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ - 2026.10.28

උතුරු මැද පළාතේ කාර්මික අංශය නව මානයකට යොමු කරමින්, කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ මූලික කෙටුම්පත පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (ඔක්තෝබර් 28) උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ. පළාතේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ දේශීය මෙන්ම විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින් මෙම කර්මාන්ත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සාකච්ඡාවේදී මූලික කෙටුම්පතෙහි අඩංගු ප්‍රධාන යෝජනා, පළාත තුළ පවතින කාර්මික විභවයන් (විශේෂයෙන් කෘෂි පදනම් කරගත් කර්මාන්ත සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත - MSME) සහ ජපන් ආයතනවල තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය ලබාගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර ඉදිරි ක්‍රියාමාර්ග සහ සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටද මෙහිදී එකඟතාව පළ විය.

Comments are disabled.

si_LKSinhala