නවතම තොරතුරු

    උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    උතුරු මැද පළාත් අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව සහ මූල්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා ජනාධිපති අරමුදල විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් 2026 අගෝස්තු 23 වන දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සිසුන්, දෙමාපියන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලු 300කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.තවදුරටත් කියවන්න
    අගෝස්තු 24, 2026

    ඵලදායිතා තරඟාවලිය 2025/2026

    2025/2026 ඵලදායිතා තරගාවලියට සමගාමීව, නිල පරීක්ෂණ කමිටුව විසින් 2026 අගෝස්තු 18 වන දින ප්‍රධාන ලේකම් කාර්යාලයේ පුළුල් ඇගයීම් සංචාරයක් සිදු කරන ලදී. මෙහිදී, 5S ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම, කාර්ය ප්‍රවාහයේ කාර්යක්ෂමතාව, සම්පත් කළමනාකරණය, තොරතුරු තාක්ෂණ පද්ධති, ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සහ සමස්ත සේවා ස්ථානයේ ගුණාත්මක ප්‍රමිතීන් පිළිබඳව කමිටුව විසින් ඇගයීමක් සිදු කරන ලදී. මෙම අවස්ථාවේදී කාර්ය මණ්ඩලය විසින් පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ඵලදායිතා වැඩසටහන් සහ ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, ඇගයීම් කමිටුවෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාර සහ උපදෙස් ද ලැබුණි. ඇගයීමේ අවසන් ප්‍රතිඵල, තරගයට සහභාගී වූ අනෙකුත් ආයතන සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.තවදුරටත් කියවන්න
    අගෝස්තු 20, 2026

    කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට, තරුණ තරුණියන්ට, පාසල්වල තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණ විෂයයන් හදාරන දරුවන් වෙනුවෙන් ව්‍යාපාර කේෂ්ත්‍රයට අවශ්‍ය AI දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාදීම හා දිරිගැන්වීම, නව තාක්ෂණය භාවිතයට හුුරු කිරීම, නව තාක්ෂණික අලෙවි අවස්ථා හඳුන්වාදීම පිළිබඳ වැඩමුළුවක් උතුරු මැද පළාත් වෙළඳ හා ආහාර, යෞවන කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන ” නූතන ලෝකයේ යතුර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර මෙහි සම්පත්දායක වශයෙන් ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ආර්.බි.ජි. මැණික්දිවෙල මහතා සහභාගි විය.තවදුරටත් කියවන්න
    අගෝස්තු 5, 2026

    “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” පා ගමන

    සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනය වන (ජුලි 28 දා) යෝජිත වැඩසටහන්වලට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිළධාරීන් 2026.07.28 දින සුපිළිපන් පා ගමන ආරම්භ විය. තවදුරටත් කියවන්න
    ජූලි 28, 2026

    සුපිළිපන්‍ සංස්කෘතියක් - ක්‍ලීන් ශ්‍රී ලංකාවක්

    "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රි ලංකාවක් " ජාතික මෙහෙයුම් සතිය වෙනුවෙන් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳව දැනුවත් කිරීම 2026.07.27 දින පෙ.ව. 9.00 ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ සහ ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තවදුරටත් කියවන්න
    ජූලි 27, 2026
    නව පළාත් සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, 4 වෙනි මහල B,
    හරිස්චන්ද්‍ර මාවත,
    අනුරාධපුර,
    ශ්‍රී ලංකාව
    නවතම යාවත්කාලීනයන් දැන් ඔබේ ඇඟිලි තුඩේ දුරින්
    ඉක්මන් සබැඳි

    Copyright© 2008 - 2025 Office of the Chief Secretary - North Central Province. All Rights Reserved.

    සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)

    si_LKSinhala