නවතම තොරතුරු

උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා තරඝාවලියේදී 03 වන ස්ථානය දිනා ගනී
2025/2026 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්ය අංශයේ විශිෂ්ටතා ඇගයීම් යටතේ උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලය දිවයිනේ 03 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
රාජ්ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්ය සම්පත් කළමනාකරණය, නව්යකරණය සහ මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් මෙම ඇගයීම හිමිව තිබේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී රාජ්ය ආයතන රැසක් අතරින් උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලය මෙම සුවිශේෂී ජයග්රහණය අත්කර ගෙන ඇත.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 30, 2026
උතුරු මැද පළාත් සභා ශ්රවණාගාරයේදී 2026 දහම් පාසල් සිසු නිපුණතා ජයග්රාහක / ජයග්රාහිකාවන් ඇගයීම, සහතිකපත්, ත්යාග, පදක්කම් සහ කුසලාන ලබා දීම
2026 වර්ෂය සඳහා වන දහම් පාසල් සිසු නිපුණතා ජයග්රාහක ජයග්රාහිකාවන් ඇගයීමේ උත්සවය උතුරු මැද පළාත් සභා ශ්රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පවත්වන ලදී. පළාත පුරා සිටින දහම් පාසල් සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා, ජයග්රහණ සහ කුසලතා ඇගයීම හා අගය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම උත්සවය සඳහා ගෞරවනීය මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික නායකයන් වහන්සේලා වැඩම කර සිටි අතර, උන්වහන්සේලාගේ ආශීර්වාදය උත්සවයට මහත් ආලෝකයක් විය.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 28, 2026
“සුපිළිපන්න භාවය” සිතුවම් ප්රදර්ශනය ලෝක ළමා දිනය වෙනුවෙන් ඇරඹෙයි
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය මඟින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද "සුපිළිපන්න භාවය" චිත්ර තරඟයේ තෝරාගත් දක්ෂතා අතරට පත් චිත්ර ප්රදර්ශනය කිරීම අද (සැප්තැම්බර් 25) දින උතුරු මැද පළාත් ප්රධාන ලේකම්තුමාගේ ප්රධානත්වයෙන් විවෘත කරන ලදී.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 25, 2026
උතුරු මැද සංවර්ධන ව්යාපෘති පුළුල් කිරීමට JICA සහ පළාත් සභාවෙන් සාකච්ඡා - 2026.09.10
ජපන් ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ව්යාපෘති නිලධාරීන් සහ උතුරු මැද පළාත් ප්රධාන ලේකම්තුමා අතර විශේෂ සාකච්ඡාවක් 2026.09.10 දින ප්රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ජායිකා ආයතනය මගින් දැනට ප්රදේශයේ ක්රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන ව්යාපෘතිවල වත්මන් ප්රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර, එම ව්යාපෘති මගින් ලැබී ඇති සාර්ථක ප්රතිඵල පදනම් කරගනිමින්, උතුරු මැද පළාත පුරා ඒවා තවදුරටත් ව්යාප්ත කිරීම උතුරු මැද පළාත් සභාවේ මැදිහත්වීමෙන් සිදුකරන ලෙස ඉල්ලා සිටින ලදී.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 14, 2026
ලේකම් කමිටු රැස්වීම 2026/09/02
උතුරු මැද පළාත් සභාවේ ලේකම් කමිටුවේ නියමිත රැස්වීම 2026 සැප්තැම්බර් 02 දින අනුරාධපුරයේ පිහිටි ප්රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු මැද පළාතේ ප්රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පළාත් සභාව යටතේ පවතින සියලුම අමාත්යාංශවල ලේකම්වරුන් සහ නියෝජ්ය ප්රධාන ලේකම්වරුන් ඇතුළු ජ්යෙෂ්ඨ රාජ්ය නිලධාරීන් සහභාගී වූහ.
මෙහිදී උතුරු මැද පළාතේ සමස්ත පරිපාලන කාර්යක්ෂමතාව, අයවැය ප්රතිපාදන භාවිතය සහ මූල්ය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, පළාතේ සමස්ත කාර්යසාධනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කමිටුව විසින් සිදු කරන ලදී.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 2, 2026Copyright© 2008 - 2025 Office of the Chief Secretary - North Central Province. All Rights Reserved.
සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)
