නවතම තොරතුරු

    උතුරු මැද පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී -2026.10.07

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය එක් වී ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලය දැනුවත් කිරිමේ කිරිමේ වැඩසටහනක් 2026.10.07 වන දින ප.ව 2.00 ට පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත් විය. මේ සදහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරින් සහභාගි වුහ.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 8, 2026

    ලේකම් කමිටු රැස්වීම - 2026/10/07

    උතුරු මැද පළාත් සභාවේ ලේකම් කමිටුවේ නියමිත රැස්වීම 2026 ඔක්තෝබර් 07 දින අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට පළාත් සභාව යටතේ පවතින සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. මෙහිදී උතුරු මැද පළාතේ සමස්ත පරිපාලන කාර්යක්ෂමතාව, අයවැය ප්‍රතිපාදන භාවිතය සහ මූල්‍ය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, පළාතේ සමස්ත කාර්යසාධනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කමිටුව විසින් සිදු කරන ලදී. එමෙන්ම, පළාත තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල මේ වන විට අත්කරගෙන ඇති භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳවද විශේෂ අවධානය යොමු කරමින්, අදාළ ව්‍යාපෘති නියමිත කාලසීමාවන්ට අනුකූලව සැලසුම්ගත පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 7, 2026

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී - 2026.10.05

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.02.18 දිනැතිව නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුව, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ 2025.04.21 දින අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීමට කටයුතු කරන ලදී. අභ්‍යන්තර කටයුතු ඒ්කකය විවෘත කිරිම සිදු කරනු ලැබුවේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා විසිනි. මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු ඒ්කක ප්‍රධානි ආර්.ඒම්.ඩි.පි.පුෂ්ප කුමාරි මහත්මිය , සුපිළිපන්න නිලධාරි ෆාතිමා ශෂිරා මහත්මිය , අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ සමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය සහභාගි වි ඇත. ඒම ඒ්කකය ඒ් වන විට ස්ථාපනය කරන ලද්දේ පළාත් සභා සංකීර්ණයේ බිම් මහමහල් ගොඩනැගිල්ල තුළය . ඒම ඒ්කකය 2026.10.05 වන දින සිව්වන මහලේ ප්‍රධාන ලේකම් කාර්යාල ගොඩනැගිල්ල පරිශ්‍රය තුල ස්ථාපනය කරන ලදි.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 6, 2026

    වයස 45 ට වැඩි ස්ථිර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සම්මුඛ පරීක්ෂණ උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි

    වයස අවුරුදු 45 ඉක්මවීමෙන් පසු ස්ථිර පත්වීම් ලද නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 33 දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් එම්.කොඩිප්පිලිආරච්චි මෙනවිය, අතිරේක ලේකම් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය) ඇතුළු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2026.10.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 5, 2026

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක - 2026.10.02

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අප කාර්යාලයේ නිලධාරීන්, මඩකලපුව දිස්ත්‍රික් අතිරේක රජයේ දිස්ත්‍රික් ලේකම් සුදර්ශනී ශ්‍රීකාන්ත් මහත්මිය ප්‍රමුඛ කාර්යාලීය නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මේ අතරතුර, 2025/26 වසර සඳහා වන ජාතික ඵලදායිතා තරගයේදී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික මට්ටමින් තෙවන ස්ථානය හිමිකාගැනීමට හේතු වූ සාධක සහ එහිදී ක්‍රියාත්මක කරන ලද ඵලදායිතා ක්‍රියාකාරකම් පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පුළුල් පැහැදිලි කිරීමක් කරන ලදී.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 3, 2026
    නව පළාත් සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, 4 වෙනි මහල B,
    හරිස්චන්ද්‍ර මාවත,
    අනුරාධපුර,
    ශ්‍රී ලංකාව
    නවතම යාවත්කාලීනයන් දැන් ඔබේ ඇඟිලි තුඩේ දුරින්
    ඉක්මන් සබැඳි

    Copyright© 2008 - 2025 Office of the Chief Secretary - North Central Province. All Rights Reserved.

    සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)

    si_LKSinhala