නවතම තොරතුරු

වයස 45 ට වැඩි ස්ථිර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සම්මුඛ පරීක්ෂණ උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි
වයස අවුරුදු 45 ඉක්මවීමෙන් පසු ස්ථිර පත්වීම් ලද නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 33 දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් එම්.කොඩිප්පිලිආරච්චි මෙනවිය, අතිරේක ලේකම් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය) ඇතුළු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2026.10.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.තවදුරටත් කියවන්න
ඔක්තෝබර් 5, 2026
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක - 2026.10.02
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අප කාර්යාලයේ නිලධාරීන්, මඩකලපුව දිස්ත්‍රික් අතිරේක රජයේ දිස්ත්‍රික් ලේකම් සුදර්ශනී ශ්‍රීකාන්ත් මහත්මිය ප්‍රමුඛ කාර්යාලීය නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මේ අතරතුර, 2025/26 වසර සඳහා වන ජාතික ඵලදායිතා තරගයේදී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජාතික මට්ටමින් තෙවන ස්ථානය හිමිකාගැනීමට හේතු වූ සාධක සහ එහිදී ක්‍රියාත්මක කරන ලද ඵලදායිතා ක්‍රියාකාරකම් පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පුළුල් පැහැදිලි කිරීමක් කරන ලදී.තවදුරටත් කියවන්න
ඔක්තෝබර් 3, 2026
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා තරඝාවලියේදී 03 වන ස්ථානය දිනා ගනී
2025/2026 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්‍ය අංශයේ විශිෂ්ටතා ඇගයීම් යටතේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දිවයිනේ 03 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය සම්පත් කළමනාකරණය, නව්‍යකරණය සහ මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් මෙම ඇගයීම හිමිව තිබේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී රාජ්‍ය ආයතන රැසක් අතරින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගෙන ඇත.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 30, 2026
උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී 2026 දහම් පාසල් සිසු නිපුණතා ජයග්‍රාහක / ජයග්‍රාහිකාවන් ඇගයීම, සහතිකපත්, ත්‍යාග, පදක්කම් සහ කුසලාන ලබා දීම
2026 වර්ෂය සඳහා වන දහම් පාසල් සිසු නිපුණතා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීමේ උත්සවය උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඉතා අභිමානවත් අයුරින් පවත්වන ලදී. පළාත පුරා සිටින දහම් පාසල් සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා, ජයග්‍රහණ සහ කුසලතා ඇගයීම හා අගය කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙම උත්සවය සඳහා ගෞරවනීය මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික නායකයන් වහන්සේලා වැඩම කර සිටි අතර, උන්වහන්සේලාගේ ආශීර්වාදය උත්සවයට මහත් ආලෝකයක් විය.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 28, 2026
“සුපිළිපන්න භාවය” සිතුවම් ප්‍රදර්ශනය ලෝක ළමා දිනය වෙනුවෙන් ඇරඹෙයි
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද "සුපිළිපන්න භාවය" චිත්‍ර තරඟයේ තෝරාගත් දක්ෂතා අතරට පත් චිත්‍ර ප්‍රදර්ශනය කිරීම අද (සැප්තැම්බර් 25) දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.තවදුරටත් කියවන්න
සැප්තැම්බර් 25, 2026