නවතම තොරතුරු

    උතුරු මැද ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම සාර්ථකව පැවැත්වෙයි - 2026.10.21

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම 2026 ඔක්තෝබර් මස 21 වන දින පස්වරු 2.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ආර්.එම්.පී.ඩී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඒකකයේ සාමාජිකයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය. මෙහිදී අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්වල වර්තමාන ප්‍රගතිය මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳවද සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම, ඒකකය මගින් සංවිධානය කරනු ලබන ඩිජිටල් නිර්මාණ තරගාවලියේ ඉදිරි සංවිධාන කටයුතු සහ සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 22, 2026

    2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ ඩිජිටල් සේවාව ආරම්භ විය - 2026.10.21

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ 2027 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ මාර්ගගත (Online) ක්‍රමවේදය අද දින (2026.10.21) නිල වශයෙන් ආරම්භ කෙරිණි. ගරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), සහකාර ලේකම් (මුදල්) ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද උතුරු මැද පළාත් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් පුදුදු කන්ස්ට්‍රක්ෂන්ස් අධිපතිතුමා හා ක්‍රිෂ්ටන් පාර්ක් ආයතනයේ කලමනාකාරතුමා ද සහභාගි විය.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 21, 2026

    ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ප්‍රධාන ලේකම් කාර්යාලය අතර විශේෂ සාකච්ඡාවක් - 2026.10.14

    ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගීතාව සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරීතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2026 ඔක්තෝබර් 14 වන දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට (Country Strategic Plan) අදාළ කටයුතු මෙන්ම, පාසල් දරුවන්ගේ පෝෂණය හා කෘෂිකාර්මික දැනුම වර්ධනය උදෙසා ක්‍රියාත්මක "ගෙවත්තෙන් පන්ති කාමරයට" (Sow and Grow) වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 14, 2026

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රචාරක වැඩසටහනක් 2026 ඔක්තෝබර් 14 වන දින ක්‍රියාත්මක කරන ලදී. පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පූර්ණ අනුමැතිය හා සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී, අල්ලස් හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු හා පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආකාරය පිළිබඳ මහජනයා දැනුවත් කෙරිණි.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 14, 2026

    අභ්‍යන්තර කටයුතු ඒකකයේ සාකච්ඡාව - 2026.10.08

    උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හ මග පෙන්විම මත අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය 2026.10.08 වෙනි දින පෙ.ව. 11.00 ට ප්‍රධාන ලේකම් කාර්යාලයේ දි රැස්විය. එම රැස්විමේදී‍ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ එක් එක් නිලධාරියා ස්වයංඇගයීමට ලක් කිරිමට අදාලව සකස් කරන ලද ස්වයං ඇගයුම් පෝරම සම්බන්ධව සාකච්ඡාවට ලක් කෙරිණි. එමගින් තමාටම තමාගේ සුපිලිපන්නභාවය සම්බන්ධයෙන් තිරණයක් ගෙන වැරදි, නිවැරදි කර ගැනිමට මෙය අවස්ථාවක් වන බැවින්, මෙම කාර්යය කඩිනමි කිරිමට අභ්‍යන්තර කටයුතු ඒකකයේ සියළු නිලධාරින් එකඟ විය. ඊට අමතරව e පුවත් පතක් සකස් කර කාර්යය මණ්ඩලයට මෙන්ම පළාතේ සියළු රාජ්‍ය නිලධාරින් සදහා ද අදහස් එළි දැක්විමට හැකි වන පරිදි කඩිනමින් මෙම කාර්යය සිදු කරන මෙන් ප්‍රධාන ලේකම්තුමා සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි සියළු සමාජිකයින් දැනුවත් කරන ලදි.තවදුරටත් කියවන්න
    ඔක්තෝබර් 9, 2026
    නව පළාත් සභා පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය, 4 වෙනි මහල B,
    හරිස්චන්ද්‍ර මාවත,
    අනුරාධපුර,
    ශ්‍රී ලංකාව
    නවතම යාවත්කාලීනයන් දැන් ඔබේ ඇඟිලි තුඩේ දුරින්
    ඉක්මන් සබැඳි

    Copyright© 2008 - 2025 Office of the Chief Secretary - North Central Province. All Rights Reserved.

    සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)

    si_LKSinhala