උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී - 2026.10.05
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025.02.18 දිනැතිව නිකුත් කරන ලද PS/SB/Circular/2/2025 දරන චක්‍රලේඛයට අනුව, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය තුළ 2025.04.21 දින අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීමට කටයුතු කරන ලදී. අභ්‍යන්තර කටයුතු ඒ්කකය විවෘත කිරිම සිදු කරනු ලැබුවේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා විසිනි. මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතු ඒ්කක ප්‍රධානි ආර්.ඒම්.ඩි.පි.පුෂ්ප කුමාරි මහත්මිය , සුපිළිපන්න නිලධාරි ෆාතිමා ශෂිරා මහත්මිය , අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ සමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය සහභාගි වි ඇත. ඒම ඒ්කකය ඒ් වන විට ස්ථාපනය කරන ලද්දේ පළාත් සභා සංකීර්ණයේ බිම් මහමහල් ගොඩනැගිල්ල තුළය . ඒම ඒ්කකය 2026.10.05 වන දින සිව්වන මහලේ ප්‍රධාන ලේකම් කාර්යාල ගොඩනැගිල්ල පරිශ්‍රය තුල ස්ථාපනය කරන ලදි.
ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම යනාදී කරුණු මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ වේ. මෙම කරුණු වලට එකඟව ක්‍රියාත්මක වන කාර්යය මණ්ඩලයක් සහිතව අප ආයතනයේ මෙම ඒකකය පිහිටුවා ඇත.




