වයස අවුරුදු 45 ඉක්ම වූ ස්ථිර පත්වීම් ලත් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණය උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්වේ - 2026.10.04
වයස අවුරුදු 45 ඉක්මවීමෙන් පසු ස්ථිර පත්වීම් ලද නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීම සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 33 දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීම සඳහා වන සම්මුඛ පරීක්ෂණයක් 2026.10.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සම්මුඛ පරීක්ෂණය, එම්.කොඩිප්පිලිආරච්චි මෙනවිය, අතිරේක ලේකම් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය) ඇතුළු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මේ සඳහා උතුරු මැද පළාතේ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරි මහත්ම මහත්මීන් සහ විෂය භාර නිලධාරින් ඇතුළු නිලධාරීන් 40කට ආසන්න ප්‍රමාණයක් සහ ප්‍රධාන ලේකම් කාර්යාලය වෙනුවෙන් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන), ජී.කේ.එස්.චන්ද්‍රලතා මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලය සභභාගි විය.












