උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සංචාරයක - 2026.10.02
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්රධාන ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අප කාර්යාලයේ නිලධාරීන්, මඩකලපුව දිස්ත්රික් අතිරේක රජයේ දිස්ත්රික් ලේකම් සුදර්ශනී ශ්රීකාන්ත් මහත්මිය ප්රමුඛ කාර්යාලීය නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මේ අතරතුර, 2025/26 වසර සඳහා වන ජාතික ඵලදායිතා තරගයේදී මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය ජාතික මට්ටමින් තෙවන ස්ථානය හිමිකාගැනීමට හේතු වූ සාධක සහ එහිදී ක්රියාත්මක කරන ලද ඵලදායිතා ක්රියාකාරකම් පිළිබඳව අතිරේක දිස්ත්රික් ලේකම්වරයා විසින් පුළුල් පැහැදිලි කිරීමක් කරන ලදී.
තවද, මඩකලපුව දිස්ත්රික්කයේ සම්පත්, වැදගත් සංචාරක ආකර්ෂණ ස්ථාන සහ දිස්ත්රික්කයේ විවිධ සංවර්ධන කටයුතු පිළිබඳවත් අපගේ නිලධාරීන් වෙත දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
අනතුරුව, උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ වෙත ගොස්, එහි ක්රියාත්මක වන ඵලදායිතා වැඩසටහන් සජීවීව නිරීක්ෂණය කළ අතර, ඒවා පිළිබඳව සිය පැසසුම් ද පළ කළහ.
මෙම අවස්ථාවට මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්රධාන ගණකාධිකාරී ගායත්රි රමේෂ් මහත්මිය, දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී ආර්. මදන් මහතා ඇතුළු කාර්යාලීය නිලධාරීන් සහ ඵලදායිතා නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.







