උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය ජාතික ඵලදායිතා තරඝාවලියේදී 03 වන ස්ථානය දිනා ගනී
2025/2026 ජාතික ඵලදායිතා තරගාවලියේ රාජ්‍ය අංශයේ විශිෂ්ටතා ඇගයීම් යටතේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දිවයිනේ 03 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය සම්පත් කළමනාකරණය, නව්‍යකරණය සහ මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම වෙනුවෙන් දක්වන ලද කැපවීම වෙනුවෙන් මෙම ඇගයීම හිමිව තිබේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී රාජ්‍ය ආයතන රැසක් අතරින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගෙන ඇත.
ඒ අනුව අද දින ප්‍රධාන ලේකම්තුමා විසින් කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් කැඳවා විශේෂ හමුවක් පවත්වන ලදී. එහිදී මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සමස්ත කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම සහ සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ විශේෂ ස්තූතිය පුද කළ අතර, ඉදිරි වසරේ පැවැත්වෙන තරගාවලියේදී ප්‍රථම ස්ථානය ලබා ගැනීම අරමුණු කරගනිමින් කැපවීමෙන් කටයුතු කරන ලෙස කාර්ය මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.






