“සුපිළිපන්න භාවය” සිතුවම් ප්‍රදර්ශනය ලෝක ළමා දිනය වෙනුවෙන් ඇරඹෙයි
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද "සුපිළිපන්න භාවය" චිත්‍ර තරඟයේ තෝරාගත් දක්ෂතා අතරට පත් චිත්‍ර ප්‍රදර්ශනය කිරීම අද (සැප්තැම්බර් 25) දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ලෝක ළමා දින ජාතික සතියට සමගාමීව සංවිධානය කර ඇති මෙම විශේෂ චිත්‍ර ප්‍රදර්ශනය, ළමා දින ජාතික සතිය පුරාවටම මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පැවැත්වේ. පාසල් සිසුන්ගේ කලාත්මක කුසලතා එළිදැක්වීම සහ ඔවුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු මෙම ප්‍රදර්ශනය සඳහා දරුවන්ගේ නිර්මාණ රැසක් ඇතුළත් වේ.









