උතුරු මැද සංවර්ධන ව්‍යාපෘති පුළුල් කිරීමට JICA සහ පළාත් සභාවෙන් සාකච්ඡා - 2026.09.10
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ව්‍යාපෘති නිලධාරීන් සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමා අතර විශේෂ සාකච්ඡාවක් 2026.09.10 දින ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ජායිකා ආයතනය මගින් දැනට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර, එම ව්‍යාපෘති මගින් ලැබී ඇති සාර්ථක ප්‍රතිඵල පදනම් කරගනිමින්, උතුරු මැද පළාත පුරා ඒවා තවදුරටත් ව්‍යාප්ත කිරීම උතුරු මැද පළාත් සභාවේ මැදිහත්වීමෙන් සිදුකරන ලෙස ඉල්ලා සිටින ලදී. මීට අමතරව, ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමින් ප්‍රථම වතාවට සකස් කෙරෙන "උතුරු මැද පළාත් කර්මාන්ත සංවර්ධන සැලැස්ම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. පළාතේ කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි අනාගත උන්නතිය උදෙසා මෙම සැලැස්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන අතර, එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවරයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
මේ සඳහා ප්‍රධාන ලේකම්තුමා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්( සැලසුම්) පළාත් සැලසුම් හා මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා ජයිකා ව්‍යාපෘතියේ නිලධාරීන් හා සම්බන්ධීකරණ නිලධාරී සුසුකි මහතා සහභාගි විය.





