කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට, තරුණ තරුණියන්ට, පාසල්වල තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණ විෂයයන් හදාරන දරුවන් වෙනුවෙන් ව්‍යාපාර කේෂ්ත්‍රයට අවශ්‍ය AI දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාදීම හා දිරිගැන්වීම, නවතාක්ෂණය භාවිතයට හුුරු කිරීම, නව තාක්ෂණික අලෙවි අවස්ථා හඳුන්වාදීම පිළිබඳ වැඩමුළුවක් උතුරු මැද පළාත් වෙළඳ හා ආහාර,යෞවන කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන ” නූතන ලෝකයේ යතුර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර මේ සඳහා පළාත් සංවර්ධන ප්‍රදාන යටතේ ප්‍රතිපාදන සපයන ලදි. මෙහි සම්පත්දායක වශයෙන් ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ආර්.බි.ජි. මැණික්දිවෙල මහතා සහභාගි විය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්, ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ, ප්‍රවාහන යෞවන කටයුතු සමූපකාර වෙළඳ ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එම්.ශ්‍රිස්කන්දකුමාර්, පාසල් ගුරුභවතුන් සහ පාසල් දරුදැරියන් ඇතුළු පුහුණුලාභීන් විශාල පිරිසක් සහභාගි විය.

Comments are disabled.

si_LKSinhala