අප ගැන
අප කවුරුන්ද?
_
දැක්ම
කාර්යක්ෂම, ඵලදායී හා ජනතාවාදී පළාත් රාජ්‍ය සේවයක්, සංවර්ධිත පළාතක්
මෙහෙවර
පළාත් රාජ්‍ය සේවයේ පරිපාලන කටයුතු හා මානව සම්පත්, මූල්‍ය, සැලසුම්, ඉංජිනේරු කටයුතු හා මධ්‍යම රජය ප්රමුඛ බාහිර පාර්ශව සමඟ සම්බන්ධීකරණය, විශේෂ සමාජ-ආර්ථික වැඩසටහන් වලට පහසුකම් සැපයීම, ආපදා කළමනාකරණය, සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම.
ව්‍යුහය
අපගේ අභ්‍යන්තර දෙපාර්තමේන්තු
_
ආයතන අංශය
ගිණුම් අංශය
නීති අංශය
තොරතුරු තාක්ෂණ ඒකකය
භාෂා පරිවර්තන ඒකකය
ආයතන අංශය
වගකීම: නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන)
ප්‍රධාන කාර්යයන්:
ප්‍රධාන කාර්යයන්:
- කාර්ය මණ්ඩලය පරිපාලනය හා ආයතනික කටයුතු
- දෛනික තැපෑල සම්බන්ධ කටයුතු
- විශේෂ උත්සව, රැස්වීම් සංවිධාන හා සම්බන්ධීකරණ කටයුතු
- උතුරු මැද පළාත් සභාවේ සියළුම මාණ්ඩලික නිලධාරීන්ගේ ආයතනික කටයුතු
- උතුරු මැද පළාත් සභාවට අයත් සියළුම කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, අනුමත කිරීම් හා තොරතුරු ලබාදීමේ කටයුතු
- උතුරු මැද පළාත් සභාවේ සියළුම මාණ්ඩලික නිලධාරීන්ගේ ආයතනික කටයුතු
- විගණන විමසුම් සම්බන්ධ කටයුතු
- දේශපාලන පළිගැනීම් පිළිබඳ කටයුතු
- හදිසි ආපදා අවස්ථාවන්හිදී සහන ලබාදීමේ කටයුතු
- මධ්‍යම රජයේ හා පළාත් සභාවේ සියළුම ජංගම සේවා කටයුතු සම්බන්ධීකරණය
- සියළුම සංවර්ධන කටයුතු, ව්‍යාපෘති අධීක්ෂණය
- උතුරු මැද පළාතේ සියළුම නිලධාරීන්ගේ විදේශ නිවාඩු අනුමත කිරීම
- පළාත් සභා පණතට අනුව උතුරු මැද පළාත් සභාවට අයත් ආයතන ක්‍රියාත්මක වන්නේදැයි අධීක්ෂණය හා පසු විපරම් කිරීම
- පළාත් සභා පරිශ්‍රයේ පොදු පහසුකම් සැළසීම, පළාත් සභා ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු අධීක්ෂණය, සනීපාරක්ෂාව, පිරිසිදුකම පවත්වාගැනීම ආදී කටයුතු මෙහෙයවීම, අධීක්ෂණය
- පළාත් සභාවේ ආරක්ෂක ක්‍රියාවලිය මෙහෙයවීම, අධීක්ෂණය හා පසු විපරම් කිරීම.
ගිණුම් අංශය
වගකීම: සහකාර ලේකම්(මුදල්)
ප්‍රධාන කාර්යයන්:
- මූල්‍ය පාලනය
- සියළුම ගෙවීම් කටයුතු සිදුකිරීම හා මාසික, ත්‍රෛමාසික, වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම.
- ගිණුම් පොත් හා ලේඛන පවත්වාගෙන යාම
- වත්කම් කළමණාකරණය
- විගණන කටයුතු
- වාර්ෂික අයවැය වාර්තාව පිළියෙල කිරීම
- සියලු ප්‍රසම්පාදන කටයුතු
- භාණ්ඩ සමීක්ෂණ
නීති අංශය
වගකීම: නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන)
ප්‍රධාන කාර්යයන්:
- උතුරු මැද පළාත් සභාවට බලපැවැත්වෙන නඩු සම්බන්ධ සියළුම කටයුතු
- නඩු ලිපිගොණුවල ආරක්ෂාව, අධීක්ෂණය හා පසු විපරම් කිරීම
- පළාත් සභා ප්රඥප්ති හා නීති කෙටුම්පත් සකස් කිරීම
- ප්‍රධාන ලේකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම හා පළාත් සභාවේ අනෙකුත් ආයතන වෙනුවෙන් නීති සහාය ලබාදීම
තොරතුරු තාක්ෂණ ඒකකය
වගකීම: තොරතුරු තාක්ෂණ නිලධාරී
ප්‍රධාන කාර්යයන්:
- පළාත් සභා සංකීර්ණය තුළ ක්‍රියාත්මක පරිගණක දත්ත ජාල පද්ධතිය සම්බන්ධ කටයුතු
- අන්තර් සන්නිවේදන දුරකථන ජාල පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කටයුතු
- පොදු ඇමතුම් සේවා පද්ධයේ ක්‍රියාකාරීත්වය හා තාක්ෂණික කටයුතු සිදුකිරීම
- ඇඟිලි සළකුණු පද්ධතිය පවත්වාගෙන යාම හා එහි තාක්ෂණික කටයුතු
- ආරක්ෂිත කැමරා පද්ධතිය හා සම්බන්ධ කටයුතු, පටිගත දත්ත සංරක්ෂණය කිරීම හා සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ අවශ්‍ය අවස්ථාවලදී අදාළ උසස් නිලධාරීන් දැනුවත් කිරීම
භාෂා පරිවර්තන ඒකකය
වගකීම: නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන)
ප්‍රධාන කාර්යයන්:
ප්‍රධාන කාර්යයන්:
- උතුරු මැද පළාත් සභාවේ සියළුම ආයතනවල පවතින භාෂා පරිවර්තන කටයුතු ඉටු කිරීම
අපේ කණ්ඩායම
_
