ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ප්රධාන ලේකම් කාර්යාලය අතර විශේෂ සාකච්ඡාවක් - 2026.10.14
ලෝක ආහාර වැඩසටහනේ (WFP) සහයෝගීතාව සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරීතුමාගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් 2026 ඔක්තෝබර් 14 වන දින ප්රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ශ්රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට (Country Strategic Plan) අදාළ කටයුතු මෙන්ම, පාසල් දරුවන්ගේ පෝෂණය හා කෘෂිකාර්මික දැනුම වර්ධනය උදෙසා ක්රියාත්මක "ගෙවත්තෙන් පන්ති කාමරයට" (Sow and Grow) වැඩසටහනේ වර්තමාන ප්රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.
මෙම රැස්වීම සඳහා උතුරු මැද පළාත් අධ්යාපන අමාත්යාංශය, කෘෂිකර්ම අමාත්යාංශය සහ සෞඛ්ය අමාත්යාංශය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගි වූහ.




