ප්‍රධාන ලේකම් කාර්යාලයේ ඵලදායිතා මෙහෙයුම් කමිටු රැස්වීම- 2026.11.17

ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2026 නොවැම්බර් 17 වන දින ප්‍රධාන ලේකම්තුමාගේ නිල කාමරයේ විශේෂ ඵලදායිතා මෙහෙයුම් කමිටු රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම සඳහා සහකාර ප්‍රධාන ලේකම්, පරිපාලන නිලධාරී, ඵලදායිතා විෂය භාර නිලධාරී ඇතුළු ගිණුම් කවය, ආයතන කවය, තාක්ෂණ කවය සහ නීති කවය නියෝජනය කරන කව නායකයින් සහ නිලධාරීහු සහභාගී වූහ. මෙහිදී මෙහෙයුම් කවවල සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කළ ප්‍රධාන ලේකම්තුමා, ඵලදායිතා සම්මානය දිනා ගැනීම වෙනුවෙන් කව මගින් ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් කව රැස්වීම්වලදී ඉදිරිපත් වූ යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

තවද, ප්‍රධාන ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු සැමවිටම උසස් ප්‍රමිතියකින් පවත්වා ගත යුතු බවත්, අනෙකුත් සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට ආදර්ශයක් වන අයුරින් කාර්යාලීය හැසිරීම් හා රාජකාරි කටයුතු සිදු කළ යුතු බවත් ඒතුමා අවධාරණය කළේය. රාජකාරිවල ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී ද කව මගින් නව අදහස් හා යෝජනා බලාපොරොත්තු වන බව ප්‍රධාන ලේකම්තුමා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments are disabled.

si_LKSinhala