උතුරු මැද පළාත් නිලධාරීන් සඳහා බදුල්ලේදී විශේෂ "අත්දැකීම් හුවමාරු වැඩසටහනක්" - 26.10.2026

උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේ සහ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන විශේෂ "අත්දැකීම් හුවමාරු වැඩසටහන" (Experience Sharing Programme) 2026 ඔක්තෝබර් 26 වන දින සිට 28 වන දින දක්වා බදුල්ල කළමනාකරණ සංවර්ධන ආයතනයේදී පැවැත්වේ.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නව කළමනාකරණ සංකල්ප හා හොඳම පුරුදු (Best Practices) පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

රාජ්‍ය යහපාලනය හා මහජන සේවාව වඩාත් විශිෂ්ට මට්ටමකට ගෙන යාම වෙනුවෙන් උතුරු මැද පළාත් රාජ්‍ය සේවය තබන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස මෙම තෙදින වැඩසටහන හැඳින්විය හැක.

Comments are disabled.

si_LKSinhala