උතුරු මැද ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයේ මාසික ප්රගති සමාලෝචන රැස්වීම සාර්ථකව පැවැත්වෙයි - 2026.10.21
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකයේ මාසික ප්රගති සමාලෝචන රැස්වීම 2026 ඔක්තෝබර් මස 21 වන දින පස්වරු 2.00 ට සෞඛ්ය අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වූ අතර අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානී ආර්.එම්.පී.ඩී. පුෂ්පකුමාරි මහත්මියගේ ප්රධානත්වයෙන් හා ඒකකයේ සාමාජිකයන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.
මෙහිදී අභ්යන්තර කටයුතු ඒකකය මගින් දැනට ක්රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන්වල වර්තමාන ප්රගතිය මෙන්ම ඉදිරියට ක්රියාත්මක කිරීමට නියමිත ක්රියාමාර්ග පිළිබඳවද සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම, ඒකකය මගින් සංවිධානය කරනු ලබන ඩිජිටල් නිර්මාණ තරගාවලියේ ඉදිරි සංවිධාන කටයුතු සහ සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
මීට අමතරව, අභ්යන්තර කටයුතු ඒකකයේ උපායමාර්ගික සැලසුමට (Strategic Plan) අනුකූලව ඉදිරි වැඩකටයුතු සහ ඉලක්කයන් සම්බන්ධයෙන්ද රැස්වීමේදී නිලධාරීන් දැනුවත් කරමින් අවශ්ය තීරණ රැසකට එළඹෙන ලදී.




