රජයේ නිලධාරීන් සඳහා නිල නවාතැන් පහසුකම්
සංචාරක බංගලා වෙන්කරවා ගැනීම – අනුරාධපුරය
උතුරු මැද පළාතේ නුවර කළාවිය නුවර වැව් ඉස්මත්තේ නිස්කලංක පරිසරයක පිහිටි උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් සංචාරක බංගලාව, අනුරාධපුර නගරයට ආසන්නයේ විනාඩි දහයක පමණ කෙටි කාලයකින් ප්‍රවේශ විය හැකි වේ.
රජයේ නිලධාරීන්ට මෙම සංචාරක බංගලාව කාමර වශයෙන් හෝ සම්පූර්ණ බංගලාවම වශයෙන් සහනදායී මිලගණන් යටතේ වෙන්කරගත හැකි අතර, නාන කාමර පහසුකම් සහිත කාමර හතරක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, දර්ශණීය ඉදිරිපස මිදුලක් සහ වාහන නැවැත්වීමේ පහසුකම් මෙහිදී ඔබට ලබාගත හැක.
දෛනික ගාස්තු අනුපාතය
රු. 1,200/-
එක් පුද්ගලයෙකුට / දිනකට
නවාතැන් පහසුකම්
කාමර 4
යාබද නාන කාමර සහිත
ස්ථානය
මිනිත්තු 10 ක් පමණ
අනුරාධපුර නගරයේ සිට
ඔබට ලැබෙන පහසුකම්
රජයේ නිලධාරීන්ට තනි කාමර හෝ සම්පූර්ණ බංගලාවම වෙන් කරවා ගත හැක. බංගලාව පිහිටි පරිශ්‍රය සහ එහි අභ්‍යන්තර පහසුකම් පිළිබඳ දසුන් පහත දැක්වේ.
නිදන කාමර 4
පෞද්ගලික යාබද නාන කාමර සහිත සුවපහසු අමුත්තන්ගේ නිදන කාමර හතරක්
මුළුතැන්ගෙය සහ විසිත්ත කාමරය
වෙන් වූ මුළුතැන්ගෙයි පහසුකම් සහ ඉඩකඩ සහිත පොදු විසිත්ත හා කෑම කාමරය
දර්ශනීය ඉදිරිපස මිදුල
සාමකාමී, ස්වභාවික පරිසරයක පිහිටි මනාව නඩත්තු කරන ලද ඉදිරිපස මිදුල.
පරිශ්‍රය තුළ වාහන නැවැත්වීමේ පහසුකම්
බංගලා පරිශ්‍රය තුළම ආරක්ෂිත වාහන නැවැත්වීමේ පහසුකම්.
පිහිටීම සහ ප්‍රදේශයේ සිතියම
නුවරවැව වැව් බැම්ම ඔස්සේ අනුරාධපුර මෙත්තා මාවතේ පිහිටා ඇති අතර, අනුරාධපුර නව නගරයට සහ පූජා නගරයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය.
ලිපිනය
සංචාරක බංගලාව,
උතුරු මැද පළාත් සභාව,
මෙත්තා මාවත,
අනුරාධපුර
දුරකථන අංකය
ගාස්තු, අයදුම් කිරීම සහ ගෙවීම් කිරීමේ ක්‍රියාපටිපාටිය
නිල පියවර 4කින් යුත් වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරන්න
අයදුම්පත සම්පූර්ණ කරන්න
රජයේ නිලධාරීන් සඳහා වන නිල අයදුම්පත සම්පූර්ණ කර ඔබගේ ආයතන ප්‍රධානියාගේ නිර්දේශය ලබා ගන්න.
අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න
ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත ocsncpc@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.
ගාස්තු තැන්පත් කරන්න
අනුමැතිය ලැබීමෙන් පසු, අදාළ ගාස්තුව (එක් අයෙකුට දිනකට රු. 1,200/-) පහත සඳහන් ලංකා බැංකු ගිණුමට තැන්පත් කරන්න.
ගෙවීම් රිසිට්පත ඉදිරිපත් කරන්න
ගෙවීම් රිසිට්පත ocsncpc@gmail.com වෙත විද්‍යුත් තැපැල් කර, පැමිණීමේදී මුල් රිසිට්පත රැගෙන එන්න.
අවලංගු කිරීමේ ප්‍රතිපත්තිය සහ නියමයන් හා කොන්දේසි
නවාතැන් ගන්නා සියලුම නිලධාරීන් සඳහා වන අනිවාර්ය මාර්ගෝපදේශ
අවලංගු කිරීමේ ප්‍රතිපත්තිය
වෙන් කරගත් දින සංචාරක බංගලාව භාවිතා නොකරන්නේ නම්, ඒ බව වෙන් කරගත් දිනට, සතියේ වැඩ කරන දින 07 කට පෙර නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) වෙත දැන්විය යුතුය. අවලංගු කිරීම් වෙනුවෙන් කිසිම හේතුවක් නිසා මුදල් ආපසු නොගෙවන අතර, ඒ දිනය වෙනුවට අදාල වර්ෂය අවසන් වීමට පෙර ඉඩ ඇති වෙනත් දිනයක් ලබා දීමට සළකා බලනු ඇත.නියමයන් සහ කොන්දේසි
අයදුම්කරු සංචාරක බංගලාවේ අනිවාර්යෙන් නවාතැන් ගැනීම කල යුතු අතර, සංචාරක බංගලාවේ නවාතැන් ගැනීමේදී ප්‍රධාන ලේකම් කාර්යාලය මඟින් අනුමත කරන ලද අයදුම්පත් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කල යුතුය.
ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කල යුතුය.
බංගලාවේ වාසය කරන කාල සීමාව අතරතුර සංචාරක බංගලා භූමියේ ඇති භෞතික දේපලවලට, භූමි අලංකරණයන් සඳහා හානි නොකළ යුතු අතර, එවැනි අලාභයන් සඳහා වටිනාකම ඔබගෙන් අය කිරිමට කටයුතු කරනු ලැබේ.
බංගලාවේ පවතින පහසුකම් අනුව රඳවා තබාගත හැකි උපරිම නේවාසිකයින් සංඛ්‍යාවට අමතරව නේවාසිකයින් රැගෙන නොයා යුතුය.
මෙම බංගලාවේ උත්සව හා සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
වෙන් කරගත් සංචාරක බංගලාව භාවිත නොකරනේනේ නම්, ඒ බව වෙන් කරගත් දිනට, සතියේ වැඩ කරන දින 07කට පෙර නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) වෙත ලිඛිතව දැන්විය යුතුය. ඒ වෙනුවෙන් කිසිම හේතුවක් නිසා මුදල් අපසු නොගෙවන අතර, නොවැලැක්විය හේතුවක් නිසා වෙන් කරවා ගත් සංචාරක බංගලාව භාවිතා නොකරන්නේ නම් පමණක් , ඒ දිනය වෙනුවට අදාල වර්ෂය අවසන්වීමට පෙර ඉඩ ඇති වෙනත් දිනයක් ලබාදීමට සළකා බලනු ඇත.
රාජකාරි අවශ්‍යතාව්‍යන් මත කෙටි දැනුම් දීමකින් මෙම වෙන් කිරිම අවලංගු කළ හැක. එවැනි අවස්ථාවක අය කළ මුදල ආපසු ගෙවනු ලැබේ.
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ආයතන ප්‍රධානියා මඟින් නිර්දේශ කර, ප්‍රධාන ලේකම්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කරන්න.
කිලෝමීටර් 15ක් ඇතුළත පිහිටි ප්‍රධාන පූජනීය හා ඓතිහාසික ස්ථාන
අනුරාධපුර උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල නිවාඩු නිකේතනයට ආසන්නව කි.මී. 15 ක වටප්‍රමාණයක පිහිටා ඇති ප්‍රධාන බෞද්ධ පුජනීය ස්ථාන


ජය ශ්‍රී මහ බෝධිය


රුවන්වැලි මහා සෑය


අභයගිරිය


ථූපාරාම ස්ථූපය


ජේතවනාරාම ස්ථූපය


මිරිසවැටිය සෑය


සමාධි බුද්ධ ප්‍රතිමාව


ලෝවාමහාය හෙවත් ලෝහ ප්‍රාසාදය


මිහින්තලය රජමහා විහාරය


ඉසුරුමුණිය රජමහා විහාරය


රන්මසු උයන


කුට්ටම් පොකුණ


පුරාවිද්‍යා කෞතුකාගාරය


බසවක්කුලම වැව








