උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය - අභ්‍යන්තර කටයුතු ඒකකය

"සුපිළිපන් බව වැඩිදියුණු කරමු - අල්ලස හා දූෂණය පිටුදකිමු"

ඩිජිටල් නිර්මාණ තරඟාවලිය

2026

තරඟ ඉසව්

DSLR වීඩියෝ

Full HD (1920x1080) තාක්ෂණයෙන් සකස් කළ උසස් වීඩියෝ නිර්මාණ

Smart Phone වීඩියෝ

ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයෙන් පමණක් සිදු කරන නිර්මාණ

AI වීඩියෝ නිර්මාණ

කෘතිම බුද්ධිය (AI Creation Software) තාක්ෂණය යොදාගන්නා නිර්මාණ

ඩිජිටල් පෝස්ටර්

තේමාවට අදාළව නිර්මාණය කරන ඩිජිටල් පෝස්ටර් (Digital Poster)

ඩිජිටල් සජීවීකරණ

2D/3D ඩිජිටල් සජීවීකරණ නිර්මාණ (Digital Animation)

සමාජ මාධ්‍ය ප්‍රචාරණ

සමාජ මාධ්‍ය සඳහා විශේෂයෙන් සකසන ඩිජිටල් ප්‍රචාරණ නිර්මාණ

ඩිජිටල් නවෝත්පාදන අදහස්

අල්ලස හා දූෂණය අවම කිරීමට, රාජ්‍ය සේවාවල විනිවිදභාවය වැඩි කිරීමට හෝ මහජන පැමිණිලි යොමු කිරීමට තාක්ෂණික විසඳුම් යෝජනා කිරීම (Digital Innovation Opinion)

ත්‍යාග සහ ඇගයීම්

1 වන ස්ථානය

රු. 20,000/-

2 වන ස්ථානය

රු. 10,000/-

3 වන ස්ථානය

රු. 5,000/-

විශේෂ කුසලතා සම්මාන 07ක් සඳහා වටිනා සහතික පත්‍ර පිරිනමනු ලැබේ !

ප්‍රධාන රෙගුලාසි සහ කොන්දේසි

1
අභ්‍යන්තරයේ මුල් නිර්මාණයක් විය යුතුය. (පිටපත් කිරීම තහනම්)
2
DSLR හා Smart Phone ඉසව් සඳහා AI තාක්ෂණය භාවිත කළ නොහැක.
3
බාහිර රූප/හඬ/සංගීතය සඳහා අදාළ බලපත්‍ර සහ අවසර තිබිය යුතුය.
4
බාලවයස්කරුවන්ගේ දර්ශන සඳහා දෙමාපිය/භාරකරුවන්ගේ අවසරය අත්‍යවශ්‍ය වේ.
5
අපහාසාත්මක හෝ සාක්ෂි නොමැති චෝදනා ඇතුළත් නොකළ යුතුය.
6
එක් අයෙකුට/කණ්ඩායමකට තරඟ ඉසව් 03ක් දක්වා ඉදිරිපත් විය හැක.

නිර්මාණ ඉදිරිපත් කිරීමේ තොරතුරු

නිර්මාණය ඉදිරිපත් කරන්නේ කෙසේද?

ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ඇති Link එක මඟින් හෝ QR Code එක Scan කර Google Form එක වෙත පිවිස ඔබේ නිර්මාණය Upload කරන්න. Submission QR Code

නිර්මාණ භාරගන්නා අවසාන දිනය:

2026 නොවැම්බර් 30

අභ්‍යන්තර කටයුතු ඒකකය - උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, අනුරාධපුරය.

නිවේදනය නිකුත් කළ දිනය: 2026.10.19

si_LKSinhala